පළාත් සභා මැතිවරණය හොදටම පරක්කුයි - හිටපු මැකෝ

Report

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං‘ යන ධම්මපදයේ එන ගාථාව උදාහරණයට ගනිමින්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් බෙහෙවින් ප්‍රමාද වී ඇති බව  ප්‍රකාශ කරයි.

අද (18) අම්බලන්ගොඩ පෝරඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මුලින් නිකන් දුන්නට පස්සේ බදු ගෙවන්නන්ට කෝටි ගණනින් කෙළවෙන ලකුණු.. ලංකාවේ අලුත් ඊ-පාස්පෝට් ගිවිසුමේ තිත්ත ඇත්ත

මුලින් නිකන් දුන්නට පස්සේ බදු ගෙවන්නන්ට කෝටි ගණනින් කෙළවෙන ලකුණු.. ලංකාවේ අලුත් ඊ-පාස්පෝට් ගිවිසුමේ තිත්ත ඇත්ත

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට රජය පාර්ශවයෙන් දක්වන සුභවාදී ලකුණු හෙවත් කොළ එළි සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රජයට සැබෑ වුවමනාවක් තිබුණේ නම් පසුගිය 2025 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී මෙම මැතිවරණය පැවැත්වීමට ඕනෑතරම් අවස්ථාව තිබූ බවයි.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි නීත්‍යානුකූල ක්‍රමවේද තුනක් පවතින බව ද හිටපු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විපතට පත් ජනතාවගේ වන්දි සල්ලි අවභාවිත කළ ආපදා සහන නිලධාරියා රාජකාරියෙන් ඉවතට

විපතට පත් ජනතාවගේ වන්දි සල්ලි අවභාවිත කළ ආපදා සහන නිලධාරියා රාජකාරියෙන් ඉවතට

ඉන් පළමු ක්‍රමය වන්නේ 1988 මුල් පනතට අනුව මනාප සහිත සමානුපාතික පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම වන අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත යුතුය.

එවක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තීන්දුවක් ලැබී තිබුණි.

දෙවැනි ක්‍රමය වන්නේ 2018 සීමා නිර්ණ කොමිෂන් සභා කමිටු වාර්තාව නැවත සමාලෝචනය කිරීම සඳහා පනත සංශෝධනය කර, ඒ හරහා අදාළ ඡන්ද කොට්ඨාසවල මැතිවරණය පැවැත්වීම බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.