සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

Report

ලෝක සෞඛ්‍ය සංවිධානයේහි 79වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල අද (18) ජෙනීවා හිදී පැවැත්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා (Dr. Tedros Adhanom Ghebreyesus) විසින් සමුළුව නිල වශයෙන් විවෘත කිරීමට නියමිත අතර, සාමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

රුපියල බේරාගන්න රජයෙන් දැඩි තීන්දුවක් - ඉදිරි සතිවල බඩු මිල ගැන ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

රුපියල බේරාගන්න රජයෙන් දැඩි තීන්දුවක් - ඉදිරි සතිවල බඩු මිල ගැන ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

මෙවර සමුළුවේ තේමාව “One World for Health” යන්න වන අතර, එය යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සූදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතා මෙවර සමුළුවට සහභාගී වී සිටින අතර, අද සමුළුව ඇමතීමටද නියමිතය. එමෙන්ම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජයසිංග මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සමුළුවට එක්ව සිටිති. 

'' මාව හෙට අත් අඩංගුවට ගත්තත් මම ඇත්ත කියනවා '' මන්ත්‍රී අර්චුනා ඉන්දියාව හොල්ලමින් කියූ ආන්දෝලනාතමක කතාව මෙන්න

'' මාව හෙට අත් අඩංගුවට ගත්තත් මම ඇත්ත කියනවා '' මන්ත්‍රී අර්චුනා ඉන්දියාව හොල්ලමින් කියූ ආන්දෝලනාතමක කතාව මෙන්න