ඇත්ත එළියට - හරක් කටා අධිකරණයට

Sri Lanka Police Google Crime Drugs Sinhala news
By Ashfa May 23, 2025 11:00 AM GMT
Ashfa

Ashfa

Report

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මාතර මහාධිකරණයට අද (23) ඉදිරිපත් කළා.

ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 600ක් සමඟ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කීරිමේ චෝදනාවකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් 2018 වසරේ මාර්තු 11 එන දින වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඇමති මණ්ඩලය වෙනස් කරනවා

ඇමති මණ්ඩලය වෙනස් කරනවා

ඒ අනුව මාතර මහාධිකරණයේ විභාග වෙමින් පවතින එම සිද්ධියට අදාළ නඩු කටයුත්ත සඳහා සැකකාට හරක් කටා අද දිනයේ මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් හිටපු සොලිසිටර් ජෙනරාල් කපිල වෛද්‍යරත්න පෙනී සිටි අතර,සැකකරු වෙනුවෙන් අධිනීතිඥ උදාර කරුණාතිලක අධිකරණයේ පෙනී සිටියා.

මෙහිඳි මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර් අමරසිංහ මහතා ඉදිරියේ දී පැමිණිල්ලේ සාක්ෂි විමසිම සිදුකළ අතර, අදාළ සාක්ෂි විමසීමෙන් පසුව නඩුව එළඹෙන ජුනි මස 02 වනදා දක්වා කල් තැබුවා.

ReeCha