ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් පෙරළී යයි

Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis Accident
By Sewvandhi Jul 02, 2022 07:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අද (02) අලුයම පෙරළීගොස් තිබේ. ඒ, හංවැල්ල පූගොඩ මාර්ගයේ ගිරිදර නගරය ආසන්නයේදීය. 

ඒ බව දැක්වෙන වීඩියෝවක් පුද්ගලයෙක් සමාජ මාධය වෙත එක්කර තිබූ අතර බවුසරයේ ඩීසල් ලීටර් 13,200ක පමණ ප්‍රමාණයක් තිබූ බව වාර්තා විය. අනතුරෙන් ඉන්ධනවලට කිසිඳු හානියක් සිදුවී නොමැත.

මේ අතර වැලිසර ඉන්ධන පිරවුම්හල අසල ඊයේ රාත්‍රියේ බීමතින් පැමිණි පිරිසක් කළහකාරී ලෙස හැසිරෙන ආකාරය පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණි.

මොරටුව IOC ඉන්ධන පිරවුම්හල අසල කළහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් පිරිසක් ඉවත් කිරීමට යාමේදී ගුවන් හමුදා නිලධාරීන් සහ පැමිණ සිටි පිරිස් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha