හමාස් නායකයා මරුට.. ලෝකයම කැළඹුණ.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
By krishani
හමාස් සංවිධානයේ නායක යාහ්‍යා සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.
ඒ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේ ය.
තම ප්‍රහාරයකින් හමාස් නායක යාහ්‍යා සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණේ ය.
එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ය.
සින්වාර් යනු ගාසා තීරයේ සිටි හමාස් නායකයින්ගෙන් ඊශ්‍රායලය අත්‍යවශයෙන් ම අවශ්‍ය කර සිටි පළමු වැනියායි.
ඊශ්‍රායල රජය විශ්වාස කරන්නේ පසුගිය වසරේ (2023) ඔක්තෝබර් 07 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ පසුපස සිටින මහමොළකරු ඔහු වන බවයි.