හල්දුම්මුල්ලෙ පවුල් 6ක් ඉවත් කරයි හේතුව මෙන්න

Report

හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයක් ගල් පෙරළීයෑම හේතුවෙන් අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එම පවුල් වල සාමාජිකයින් එකොළොස් දෙනෙකි.

පොලීසිය සදහන් කළේ හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම හේතුවෙන් මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි

එම පිරිස මේ වනවිට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බව පොලීසිය සදහන් කර තිබේ.

තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තෙක් තම නිවාස වෙත නොඑන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී ඇත .

ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා

ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා