නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි

Report

පසුගිය දිනවල ජල ගැලීමේ හේතුවෙන් හානියට පත් වූ නැගෙනහිර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කොළඹ කොටුව හා ත්‍රිකුණාමලය අතර මගි දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි අද (20) දිනයේ ආරම්භ විය .

මේ අනුව දින 22 කට පසුව කොළඹ කොටුව සිට උදෑසන හයට ත්‍රිකුණාමලය බලා පළමු දුම්රිය මෙලෙස ධාවනයට එක් කරන ලදි .

ඒ වගේඅම උදෑසන හතට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා පළමු දුම්රිය ධාවනයට එක් කළ බව දුම්රිය බලධාරීන් සදහන් කර තිබේ .

මෙතෙක් උදෑසන ත්‍රිකුණාමලයෙන් කොළඹ කොටුව බලා යන මගීන් ගල්ඔය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් මඩකලපුවේ සිට ගල්ඔය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියෙන් ගමන් පහසුකම් සකස් කර ගත යුතුව ඇත.

ජලාශ 89ක් තවදුරටත් වාන් දමයි - ගංවතුර තත්ත්වය තවමත්

ජලාශ 89ක් තවදුරටත් වාන් දමයි - ගංවතුර තත්ත්වය තවමත්

දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් අවසන් වී නොමැති නිසා දැනට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා සෘජු දුම්රිය සේවාවන් ධාවනයට එක් කර තිබෙන බවයි .

ඒ අනුව ගල්ඔය සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවන් තව දින කිහිපයකින් අවසන් වන බව දුම්රිය අධිකාරී ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනාරච්චි මහතා සදහන් කරයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න