හයිටි රාජ්‍යයට හදිසි තත්ත්වයක්
By Mithu
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බවයි.
එම හදිසි තත්ත්වය මාස 03ක කාලයක් සඳහා බලපැවැත්වෙන බවද එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට අර්බුදයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිඟතාවයට කඩිනම් විසදුම් ලබාගැනීමට එම ක්‍රියාමාර්ගය උපයෝගී වන බවය.