විශ්වමිත්‍රයෙන් නෑගම් ආපු ඈයෝ නිසා ගුජරාටයේ කලබල..(PHOTO/VIDEO)
By Piyumika
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 'විශ්වමිත්‍ර' නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව ජල ගැලීමෙන් පීඩාවට පත් වී තිබේ .
එසේ පිටාර ගැලූ 'විශ්වමිත්‍ර' නදියේ ජීවත්වන කිඹුලන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගම්මානවල නිවෙස්වලට රිංගා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ .
එහිදී එලෙස නිවෙස්වලට රිංගාගත් කිඹුලන් ඉන් ඉවත් කිරීමට ගම්වැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර, ගුජරාට් වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, මහත් ආයාසයකින් අල්ලා ගත් කිඹුලන් යතුරු පැදිවලින් රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබෙන අයුරු දැක ගත හැක.