හෙට අනිද්දා ලංකාවට එන අමුත්තෝ

Report

2025 මැයි 24 වන දා සිට 28 වන දින තෙක් නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

ඒ අනුව මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැ දකිනු ඇත.

එසේම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා සමඟ වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවට ද තොරතුරු ලැබෙයි.

තවද සංචාරය අතරතුර නියෝජ්‍ය අගමැති පීටර්ස් මහතා විසින් පෞද්ගලික අංශයේ සහ මාධ්‍ය කටයුතු කිහිපයකට ද සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

කොහොමද බිලියන 37ක ගෙවීමක් කළේ...කෝප් කාරක සභාවටත් ප්‍රශ්නයක්

කොහොමද බිලියන 37ක ගෙවීමක් කළේ...කෝප් කාරක සභාවටත් ප්‍රශ්නයක්

එමෙන්ම නියෝජ්‍ය අගමැතිවරයා සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු ද ශ්‍රී ලංකාවේ මෙම සංචාරයට සහභාගී වීමට නියමිතව තිබෙනවා.