දෙල් මිල දෙල් වෙයි - ගෙඩියක් රුපියල් 500ට යයි

Report

නිට්ටඹුව නගරයේ ඊයේ (17) දින අඟහරුවාදා සතිපොළේ දෙල් ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රමාණයෙන් තරමක් ලොකු දෙල්ගෙඩි රුපියල් 500 බැගින්ද කුඩා දෙල්ගෙඩි රුපියල් 400 බැගින්ද අලෙවි කරන අයුරු දක්නට ලැබුණු බව සඳහන්.

මේ අතර දෙල්ගෙඩි මිලදී ගැනීමට දෙල් අලෙවි ව්‍යාපාරිකයා අසලට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් දෙල් මිල විමසීමෙන් අනතුරුව දෙල් මිලදී නොගෙන පිටවී යන අයුරුද ඇතැම් පාරිභෝගිකයන් රුපියල් 400, 500 බැගින් මුදල් ගෙවා දෙල්ගෙඩි මිලදී ගනු ලැබූ අයුරුද දැකගත හැකි වූ බව වාර්තා වේ.

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

කෙසේ වෙතත් දෙල්ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව නිට්ටඹුව සතිපොළේ දෙල් අලෙවි කළ ව්‍යාපාරිකයාගෙන් කළ විමසීමකදී දෙල් රැගෙන එනු ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන් බවද දෙල්ගෙඩිවල පවතින හිඟය සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් දෙල් මිල ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසූ බව සඳහන්.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න