ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම ජනතාවට ලංකා සතොසෙන් සුබ ආරංචියක්
ලංකා සතොස නව ශාඛා 04 ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (17) දින සිදුකර ඇත.
ඒ අනුව මෙසේ ජන අයිතියට පත් වුණේ ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම යන සතොස ශාඛායි.
එසේම වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති සතොස නව ශාඛාව විවෘත කර ඇත.
එමෙන්ම මෙම අවස්ථාවට ගම්පහ නගරාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ද එක්ව සිටි බව සඳහන්.
බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල