වැඩ තහනම් වු පාර්ලිමේන්තුවේ හිටපු නි. මහලේකම්ගේ රීට් පෙත්සමට දින දෙයි

Report

අභියාචනාධිකරණය, කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව වැඩ තහනම් කිරීමේ තීරණය බල රහිත බවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය මහ ලේකම් වන චමින්ද කුලරත්න ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට මාර්තු මස 18 වැනිදා කැඳවිය යුතු බව නියෝග කර තිබේ.

ඒ අනුව අද දින (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට කැඳවා තිබුණි.

මැදපෙරදිග ගින්නෙන් අද හෙටම ලෝකෙම විනාශයි - යුරෝපීය මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්

මැදපෙරදිග ගින්නෙන් අද හෙටම ලෝකෙම විනාශයි - යුරෝපීය මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර චමින්ද කුලරත්න අධිකරණයට පැමිණ සිට ඇත. අදාළ පෙත්සම පිළිබඳව පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, විනිසුරු මඩුල්ල පෙත්සම තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

ඉන්ධන උණුසුම මැද ගොවීන්ට විශේෂ අවසර ලිපි

ඉන්ධන උණුසුම මැද ගොවීන්ට විශේෂ අවසර ලිපි