"..පුතේ උඹ බැඳලා මාස 6යි නේ..ඉතින් කොහොමද දරුවෙක් හම්බ උනේ.." ආච්චි ප්රශ්න කරද්දි මුණුබුරා දුන් අපූරු උත්තරය
තම මුණුපුරා මාස 06කට පෙර කැන්දාගෙන ආ මනාලිය බිලිඳියක බිහි කිරීම ප්රශ්නයක් වූ වයෝවෘද්ධ කාන්තාවක් සම්බන්ධ පුවතක් මාවනැල්ල ප්රදේශයේ ගමකින් වාර්තා වෙනවා.
මාවනැල්ල ප්රදේශයේ ග්රාමයක 25 හැවිරිදි තරුණයෙක් තම මිත්තනිය සමඟ නිවෙසේ පදිංචිව සිටියා. මොහුගේ පියා කලකට ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර නිවසේ අගහිඟකම් හේතුවෙන් මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගියේ මීට වසර හතරකට පමණ ඉහත දීයි.
මව විදේශගත වන විට 21 හැවිරිදි පිරිමි දරුවාට කියා සිටියේ මිත්තනියත් රැක බලාගෙන නිවෙසේ රැඳී සිටින ලෙසයි. තරුණයා නිවෙසේ සිටින අවස්ථාවේදී අසල්වැසි තරුණයෙක් මාර්ගයෙන් එම ප්රදේශයේම ඇඟලුම් ආයතනයක රැකියාවකට ගියේය.
ඔහු ඇඟලුම් ආයතනයේ රැකියාවට යන අතරේ එම ආයතනයේම රැකියාව කල කෑගල්ල ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක සමඟ මීට වසර දෙකකට පමණ ඉහත දී පෙම් සබඳතාවයක් ගොඩනගා ගත්තේය.
තරුණයා මීට මාස හයකට පමණ ඉහතදී තමාට පෙම්වතියක සිටින බවත් ඇය නිවසට කැන්දාගෙන පැමිණෙන බවත් දිනක් මිත්තනියට පවසා සිටියේය.
“ඒක හොඳයි පුතේ, මට උඹේ කලිසම් හෝදලා එපා වෙලා” යැයි මිත්තනිය තම මුණුපුරාට සිනාමුසු මුහුණින් කීවාය. ඉන්පසුව තරුණයා පසුගිය වසරේ අග දිනකදී පෙම්වතිය නිවසට කැන්දාගෙන ගියේය.
තරුණ යුවළ දිනපතා ඇඟලුම් ආයතනයේ රැකියාවට යන අතර මිත්තනිය පාන්දර නැගිට ඔවුන් දෙදෙනාට දහවල් කෑමද ඔතා දුන්නාය. ටික කලක් යන විට ගැබිණියක වූ තරුණිය පසුගිය දිනෙක දරුවෙකු බිහි කිරීමට රෝහල් ගත කිරීමට තරුණයාට සිදු විය.
පසුව තරුණිය බිලිඳියක බිහි කළාය. තම බිරිඳ දරුවෙකු බිහිකළ බව තරුණයා මිත්තනියට පැවසීය. “පුතේ උඹ දැන් කෙල්ල ගෙනත් මාස හයක්වත් නෑනේ. කොහොමද ඔය ඉක්මනට දරුවෙක් හම්බුණේ” යැයි තරුණයාගෙන් මිත්තනිය ඇසුවාය.
“අත්තම්මට ඒක වැඩක් නෑනේ” යැයි තරුණයා පැවසූ අතර වයෝවෘද්ධ කාන්තාව කම්මුලේ අත තියාගෙන පුදුමයට පත්වූයේ “අනේ කාලේ වනේ වාසේ” කියමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |