ප්‍රා.ස මන්ත්‍රීවරියක් ගමේ සියලුදෙනාට රු.25000ක් ලබා දීමේ පෝරමය දීලා එහෙම දෙන්න බෑ - ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක්

Report

ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරන්නේ ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබාගැනීමට කිසිදු නීත්‍යානුකුල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

එසේම එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, ආපදාවලට මුහුණදුන් ජනතාවට සහන ලබාදීමේදී ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවයි.

සහනාධාර ගෝරිය ගැන සමාජ මාධ්‍ය කළඹන වීඩියෝව නිසා පොලීසිය කළකිරෙයි - පැහැදිලි කිරීමක්

සහනාධාර ගෝරිය ගැන සමාජ මාධ්‍ය කළඹන වීඩියෝව නිසා පොලීසිය කළකිරෙයි - පැහැදිලි කිරීමක්

ඔහු මේ අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

"මේ ප්‍රජා ශක්ති කමිටුව පිහිටෙව්වේ මේ රටේ සංවර්ධන කටයුතු සහ දිළිදුබව තුරන් කිරීමේ කටයුතුවලට අදාළව. කිසිම වෙලාවක ආපදා සම්බන්ධයෙන් අපි දැක්කේ නෑ චක්‍ර ලේඛනයක ප්‍රජා සංවර්ධන ශක්තී කමිටුවට බලය දීලා තියෙනවා. විශේෂයෙන් ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නිලධාරීන් හැටියට ආපදාවක් සිදුවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමේදී දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ. ගමේ ඉන්න දේශපාලඥයාට මේ සම්බන්ධයෙන් අපිත් එක්ක සහායෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් කරන්න ඕනි නීත්‍යානුකූලව. වර්තමාන රජයේ දේශපාලකයින් මේ වන විට දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා. සමහර තැන්වල විවිධ පෝරම අරන් ඔවුන් බෙදනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රාදේශීය සභා කොට්ඨාසයක මන්ත්‍රීවරියක් ඒ ගමේ සියලුදෙනාට රු.25000ක් ලබා දීමේ පෝරමය ලබා දීලා තියෙනවා. එහෙම දෙන්න බෑනේ. ඒ බෙදනකොට නිසි ප්‍රමිතියක් නෑ. ජනාධිපතිතුමා රු.25,000 දෙන්න කියනවා සුද්ද කරන තැනකට, ඒකට ආපදාවක් වෙන්න ඕනි. නැතුව ගමේ හැමදෙනාටම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඒක දෙන්න බෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු, නාගරික මන්ත්‍රීවරු, විවිධ කොට්ඨාස සභා නායකයෝ තමන්ගේ බලය අතට අරන් නිලධාරීන්ට බලපෑම් කරන එක වහාම නවත්තන්න. ජනාධිපතිතුමාගෙන් අපි දැඩි ලෙස ඉල්ලනවා මේ බලපෑම නවත්වන්න"

මේ වන්දිය දෙන්නේ ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසවලට පමණයි - ජනපති

මේ වන්දිය දෙන්නේ ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසවලට පමණයි - ජනපති

ගුරු විදුහල්පති හා සිසුන්ට ණය සහන - මෙන්න ඉල්ලීම්

ගුරු විදුහල්පති හා සිසුන්ට ණය සහන - මෙන්න ඉල්ලීම්