අද රාජිතගේ නඩුවට වුණද මෙන්න

Report

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබා දෙන මෙන්ය.

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක්

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක්

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13 ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දුන් අතර විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඒවා අධ්‍යයනය කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

ඉන් අනතුරුව අදාල නඩුව යළි ජනවාරි මස 29 වන දා කැඳවීමටද විනිසුරුවරයා නියම කර ඇත. 2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න , ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබේ.