රුපියල සුළු වශයෙන් පහතට - ඩොලරය ඉහළට
බදාදා දිනයට සාපේක්ෂව අද (11) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහත වැටී ඇත.
සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 305.40 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතිකය රු. 310.65 ක් ලෙසද නොවෙනස්ව පවතී.
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 307.25 සිට රු. 307.55 දක්වා සහ රු. 311.85 සිට රු. 312.05 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 305.15 සිට රු. 305.30 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 311.88 සිට රු. 312.03 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය රු. 303.25 සිට රු. 303.50 ක් සහ රු. 311.75 සිට රු. 312 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 305.25 සිට රු. 305.50 දක්වා සහ විකුණුම් අනුපාතය රු. 311.75 සිට රු. 312 දක්වා ඉහළ ගොස් තිබේ.