පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
ඔහුව මෙසේ කැඳවා තිබූණේ ඉකුත් රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක රජය සමයේ කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු වශයෙන් සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඒ මහතා කටයුතු කර ඇත.
එබැවින් අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති අතර පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබුණා.