අපි දෙන්නාගේ හදහන් පොඩ්ඩක්වත් ගැලපුනේ නැහැ රොෂාන්ගේ බිරිද දැන් කියන කතාව
රොෂාන් පිලපිටිය කියන්නේ අපෙ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ ඔහුගේ රංගනයට බොහෝ දෙනෙක් ආශා කරනවා .ඒ වගේම ආදරය කරනවා.
ඉතිං ඔහුගේ බිරිදත් බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර ජනප්‍රියයි. බොහෝ දෙනෙක් ඇයව සමාජ මාධ්‍ය හරහාද හදුනගන තිබේ .
ඇයගේ වීඩියෝ බොහෝ දෙනෙක් නරඹනවා.
ඉතිං ආදරණීය හදවතක් හිමි ඇය ඔවුන්ගේ ඊයේ දිනයට යෙදිලා තිබුණ Anniversary එකට ආදරණීය සටහනක් සිය මුහුණුපොතට එකතු කරලා තිබුණා .
ඔයාලත් බලන්නකෝ දෙන්නගේ ආදරේ ගැන ඒ අපූරු සටහන.
අපි දෙන්නාගේ හදහන් පොඩ්ඩක්වත් ගැලපුනේ නැහැ
ඒත් මගේ හදහනේ තිබුනා ඒ වගේ කෙනෙක් ඒ කාලෙදි අනිවාර්යෙන් විවාහ වෙනවා කියලා ,
ඉතිං ඒක සිද්ධ වුනා මට හිතෙන්නේ අපිට හමුවෙන්නේ කලින්ම දෛවයෙන්ම අපිට ලියවුන අයමයි
මේ ලෝකේ 100% එක වගේම හිතන එක වගේම ඉන්න මිනිස්සු නැහැ ,
ඒ නොගැලපීම් තමයි අපි එකින් එක ගලපන් මේ ගමන යන්න ඕන