හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක් - ප්‍රශ්නේ ලින්ක් එක නම් ඒක අයින් කරලා මොඩියුලය ගමු - මහින්ද
By Kaushi
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා ලින්ක් එකක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව ගැටළුව තිබුණේ අදාළ ලින්ක් එකේ බවත් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
කෙසේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවද මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා.
එසේම මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවද ඔහු පෙන්වා දුන් අතර කෙසේ වුවත් වරදක් වී ඇත්නම් වියදම නොසලකා එය නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීම බවද වැඩිදුරටත් සඳහන් කළා.