GPS කරපටියක් පැළඳු සිරුරක් සොයා ගැනේ..

Anuradhapura Elephant Latest Headlines
By Sewvandhi Sep 27, 2024 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (27) වෙඩි වැදීමෙන් මියගිය බවට සැක කෙරෙන වන අලියෙකුගේ මළ සිරුරක් කැකිරාව, බෙල්ලන්කඩවල ප්‍රදේශයේ තිබී සොයා ගත් බව ගනේවල්පොල වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසනවා.

මෙම මළ සිරුර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් GPS කරපටියක් ද පළඳා සිටි වයස අවුරුදු 25 - 30ත් පමණ වෙතැයි අනුමාන කෙරෙන වන අලියෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය එම වන අලියාගේ සිරුර සොයාගෙන ඇත්තේ බෙල්ලන්කඩවල වායා උල්පත රක්ෂිතයේ තිබීය දීයි.

වෙඩි වැදීමකින් මෙම අලියා මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැක පලකරන අතර මිය ගිය එම වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනුරාධපුර වන සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍යවරුන් විසින් එම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%