මෝදී හරිනිට දිවුරා පොරොන්දු වෙයි - මෙන්න විස්තරේ
අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේදී ප්‍රකාශ කර තිබේ.
මෙම හමුව නව දිල්ලි නුවරදී පැවැත්වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ඇති බවය.
ඊට අමතරව, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහාද ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය මෝදි මහතා අවධාරණය කළා.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුබ පැතුම් අග්‍රාමාත්‍ය මෝදි වෙත ප්‍රකාශ කළා.