සමූපකාරවල විවිධ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හෙළිදරව්වක් - කඩිනමින් විසඳන්න සැරසෙයි
ඇතැම් සමූපකාර ප්‍රාදේශිකවල විවිධ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් දඬුවම් නැතිව එම තනතුරුවලම රැඳී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදාළ නිලධාරීන්ට සමූපකාරවල නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
මෙවර පොසොන් උත්සවේට රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ..සංශෝධනය කරන්න වෙනවා - මිහින්තලා රජමහා විහාරාධිපති
එමෙන්ම මෙම කාරක සභා රැස්වීමට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ බව සඳහන්.