පාඩු ලබන රාජ්‍ය ආයතන වලට කළ යුතු දේ ගැන ජනතාවගේ අදහස මෙන්න..
රට තුළ පවතින ආර්ථීක අර්බුදය හමුවේ පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව ජනතාව පවසනවා.
මෙි පිළිබඳව සිදුකළ විශේෂ සොයා බැලීමකදී ජනතාව සදහන් කළේ, එම ආයතන පෞද්ගලීකරණය කර ජනතාවට සහන ලබාදිය යුතු බවයි.
ඒ අනුව විදුලි ගාස්තු පහත දැමීමටද කටයුතු කළයුතු බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එම ආයතනවල සිදුවන දූෂණ වංචා වැළැක්වීමට මෙන්ම ජනතාවට කාර්යක්ෂම සේවාවක්ද ලබා දිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් ද පවසනවා.
රට ආර්ථික වශයෙන් වැටී ඇති මෙවන් අවස්ථාවක වෘත්තීය සමිතිද මෙම අවස්ථාවේ රජයට සහය ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිව ඇති බවටයි මීට පෙර වාර්තා වී ඇත්තේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ - ග්‍රැන්ඩ් හයට් හෙවත් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් එම රාජ්‍ය ව්‍යවසායන් 07 වනවා.
ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇති.
එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
