සේවකයන් ගේ නිවාඩු සහ දීමනා සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි..

Government Employee Sri Lanka
By Aruna Dec 28, 2022 06:48 AM GMT
Aruna

Aruna

Report

සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව, එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතුය.

එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ/ අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටී.

නිකුත් කළ විශේෂ චක්‍රලේඛය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery