රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයක්?
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.