ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

Report

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් දේශීය ගොවියාගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී ඒ වෙනුවෙන් අවම මිලක් නියම කිරීමටත්, රජය විසින් ලොකු ලූනු මිලදීගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ විකුණුම් සහතික මිලක් නියම කිරීම සම්බන්ධ යෝජනාවක් ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ තීරණය ගෙන තිබෙන්නේ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ලොකු ලූනු ගොවීන් අතර පැවැති සාකච්ඡාවකදීයි.

පාසල් සිසුන් පිළිබඳ භයානක අනාවරණයක් ඔබේ දරුවත් මේ වගේද?

පාසල් සිසුන් පිළිබඳ භයානක අනාවරණයක් ඔබේ දරුවත් මේ වගේද?

මෙම සාකච්ඡාව බත්තරමුල්ල පිහිටි ගොවිජන මන්දිරයේදී පවත්වා ඇත. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ලොකු ලූනු ගොවීන් ඉල්ලා සිටියේ තම නිෂ්පාදන වෙනුවෙන් සාධාරණ මිලක් ලබාදෙන ලෙසත්, ආනයනික ලොකු ලූනු කිලෝවක් වෙනුවෙන් රුපියල් 100ක බද්දක් පනවන ලෙසත් ය.

එසේම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමට අදාළව යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙම අවස්ථාවේදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ලූනු බීජ නායක ඩී.ආර්. කාංචන මහතා විසින් මේ වනවිට හෙක්ටයාර් දෙදහසක (2,000)ක පමණ භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගාකර තිබෙන බව පවසා ඇත.

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

එසේම මෙම මස 15 වැනි දිනට පසු ලොකු ලූනු අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භවීමට නියමිත බවත් ඒ හේතුවෙන් දේශීය ලොකු ලූනු අස්වැන්නෙන් සියයට හැත්තෑපහක් (75%) ක් පමණ ලබන සැප්තැම්බර් මාසය අවසන් වනවිටදී වෙළෙඳපොළට ලැබීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා.

තවද අක්කරයක ලොකු ලූනු වගාවකින් කිලෝග්‍රෑම් 8,000 - 16,000ත් අතර අස්වැන්නක් ලබාගත හැකි බවත්, දැනටමත් වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 90ක මට්ටමක පවතින බවත් කාංචන මහතා කියා ඇත.

කෙසේ වෙතත් දේශීය ලොකු ලූනු නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන නිසා වසරකට රුපියල් මිලියන 25,000 ක පමණ ලොකු ලූනු ආනයනය කරන බව සඳහන්.

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා