වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

Report

රාජ්‍ය සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම උදෙසා ඩබල් කැබ් රථ ආනයනය කිරීමට සූදානම් බව පසුගිය දවසක රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

නමුත් එලෙස ගෙන්වන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා

මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා

අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් වාහනවල අවශ්‍ය නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කලේ,

"මේ ඉන්න රාජ්‍ය සේවකයින්ට තෘප්තිමත්ව වැඩ කරන්න හොඳ මුලික වැටුපක් ලබාදුන්නා. ඒ අනුව 2027 ලැබෙන මුලික වැටුප මත පදනම්ව අපි දීමනා සැලසුම් කරලා තියෙනවා. හොඳ වැටුපක් අපි රාජ්‍ය සේවකයාට ලබා දීලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ අපේ හැකියාව අනුව රාජ්‍ය සේවයට වාහන 1,775ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ.

රාජ්‍ය සේවයට වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමේ අරමුණින් තමා මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඊළඟට මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නැත. දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් උවමනා නෑ. උදාහරණයක් විදියට කැබිනට්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට.

අයවැයෙන් අධ්‍යාපනයට සැලකුවේ නෑ - ලංකා ගුරු සංගමය දෙහි කපයි

අයවැයෙන් අධ්‍යාපනයට සැලකුවේ නෑ - ලංකා ගුරු සංගමය දෙහි කපයි

විපක්ෂ නායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආදි දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ. මේ පර්මිට් ලබාදීමෙන් රජයට අහිමි වෙන බදු ආදායම අති විශාලයි. මේ පර්මිට් ගත්ත බහුතරයක් පර්මිට් වික්කා. සමහර පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඉන්නේ අවුරුද්දයි ඒ වුණාට වෙන කෙනෙක් එනවා හැබැයි පර්මිට් එක දෙනවා. එහෙම තමා මේ පර්මිට් සංස්කෘතිය පාර්ලිමේන්තුවේ තිබුණේ. මේ ඇවිල්ලා පර්මිට් එක විකුණගන්න මතයක් හදන කට්ටිය දාන ගුණ්ඩුවක්. අපි වාහනයක් දෙනවා මන්ත්‍රී ධුරය අවසන් වෙද්දි වාහනය භාරදීලා යන්න."

කෙහෙල්බද්දර පත්මේට තවත් ජනප්‍රිය නිළියක් ඔහුට කළ ආරාධනාවක් ගැන හෙළි කරයි

කෙහෙල්බද්දර පත්මේට තවත් ජනප්‍රිය නිළියක් ඔහුට කළ ආරාධනාවක් ගැන හෙළි කරයි