අයවැයෙන් අධ්‍යාපනයට සැලකුවේ නෑ - ලංකා ගුරු සංගමය දෙහි කපයි

Report

ලංකා ගුරු සංගමය පවසා ඇත්තේ බලයට පත්වීමට පෙර දී අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් සියයට හයක් වෙන් කරන බවට පොරොන්දු වූ වත්මන් රජය, මේ වසරේ අයවැය තුළින් එම අංශය සඳහා වෙන් කර ඇති මුදල වැඩි කර ඇත්තේ දශමයකටත් වඩා අඩු ප්‍රමාණයකින් බවයි.

සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ වෙනත් පාලන සමයන්වල දී අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා දැක්වූ අද සිටින ආණ්ඩු පක්ෂය, පසුගිය වසරට වඩා මෙවර අයවැය වැඩි කර ඇත්තේ සුළු දශමයකින් වීම හාස්‍යජනක තත්ත්වයක් බවත්, එය ඔවුන්ගේ වංචනික පාලනයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කිරීමක් බවත්ය.

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුර කතා කළ ආණ්ඩුව, සියලු පහසුකම් සහිත පන්ති කාමර (Smart Rooms) වෙනුවෙන් මුදල් වෙන් නොකර, ඉටු නොවන සිහින වට්ටෝරුවක් පමණක් අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවයි.

තවද, නිසි පරිදි නොගෙවූ ගුරු වැටුප් ඇතුළු අධ්‍යාපනයේ පවතින බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අයවැය මඟින් අවධානය යොමු කර නොමැති වීමද බරපතළ කනගාටුවට කරුණක් බව ඔහු පවසයි.

මේ පාලනය යටතේ ද රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයට ඉහළ නැංවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය අසතුට පළ කර ඇත.  

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ