IMF කොන්දේසී හෙළිකිරීමට රජය එකගවෙයි - ගිවිසුමේ තිබුණේ මොනවාද..?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සංවේදී නොවන අන්තර්ගතයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් IMF නියෝජිතයින් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ අයි.එම්.එෆ්. නියෝජිතයින් එක්ව සිටි බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්..
