වාහන හිඟය හේතුවෙන් රාජ්‍ය සේවා කටයුතු බිඳවැටේ

Government Employee Government Of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 10, 2025 06:48 AM GMT
Shehan

Shehan

Report

වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු බොහෝ රජයේ ආයතනවල කටයුතු දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ.

රජයේ ආයතනවල දෛනික ක්‍රියාකාරකම් සඳහා වාහන 5,000ත් 6,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව රජය හඳුනාගෙන තිබේ.

පසුගිය වසර 15ක පමණ කාලයක් තිස්සේ රජයේ ආයතන විසින් නව වාහන මිලදී ගෙන නොමැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

මිල අධික සුඛෝපභෝගී වාහන විකිණීමෙන් ලබා ගන්නා මුදල් යොදවා, දෛනික භාවිතයට ගැලපෙන කුඩා හා ප්‍රායෝගික වාහන මිලදී ගැනීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇත.

එසේම, ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද, බොහෝ ආයතනවල මෙම ක්‍රියාවලිය තවමත් නිසි ලෙස ඉටු කර නොමැති බව වාර්තා වේ.

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න