ගෝඨා එන වෙලාවට එයාර්පෝර්ට් එකට යන්න බැරිවුන දුකට ගම්පහ අයෙකු බිරිඳට බත් මුට්ටියෙන් ගහලා..?

By Sithumi Sep 03, 2022 04:00 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපල බලා යාමට බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයෙකුට එය මඟ හැරී යාමේ පුවතක් ගම්පහට නුදුරු ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා. එම සිදුවීම මෙසේය.

මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාවජීව සාමාජිකයෙකි. මැතිවරණ කිහිපයකදීම එම පක්ෂය වෙනුවෙන් දරදිය ඇද ඇති ඔහු පසුගිය කාලය පුරාවටම කණගාටුවෙන් සිට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය ද අතහැර දිවයිනෙන් පිටත්ව යාම නිසාවෙනි.

ඔහු යළිත් මෙරටට එනු බව දැනගත් මෙම පුද්ගලයා දැනට දින කිහිපයක සිටම සූදානම් වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාව පිළිගැනීම සඳහා කටුනායක බලා යාමටයි. ඊයේ රාත්‍රියේ ඔහු නිදා ගැනීමට පෙර එලාම්‍ එකද තබා ඇත්තේ තමාගේ ත්‍රී රෝද රථයෙන්ම කටුනායක බලා යාමේ අරමුණ ඇතිවයි.එහෙත් බිරිඳ ඔහුගේ මෙම ක්‍රියා කලාපයට දැඩිව විරුද්ධ වුවද ඔහු ඒ බවක් ගණනකට ගෙන නැහැ.

එම නිසා ඔහු නින්දට ගිය පසු මහ රෑ අවදිවී ඇති බිරිඳ එලාර්ම් එක ක්‍රියා විරහිත කොට තිබෙනවා. ඒ අනුව පාන්දර නැගිටීමට ඔහුට නොහැකි වී ඇති අතර තරමක් දවල් වී අවදි වී ඇති ඔහු බිරිඳ සමඟ බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා. තමන් එලාර්ම් එක ක්‍රියා විරහිත කල බව බිරිඳ විසින් පවසා ඇති අතර කේන්ති ගොස් ඇති ඔහු බත් එක තිබූ මුට්ටියෙන් බිරිඳට පහර දී තිබෙනවා. ඇයට සුලු තුවාල පමණක් සිදුව ඇති අතර දෙන්නා දෙමහල්ලන් විසින් අදාල ප්‍රශ්නය විසඳාගෙන තිබෙනුයේ ඉන් පසුවයි