හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට - මෙන්න හේතුව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය අධිකරණ කටයුතුවලට සහභාගී වීමට මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.