ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට එන්න බෑ කියයි - හේතුව මෙන්න

Report

කොළඹ පිහිටි නිවාස අනීතිකව වෙන අයට පැවරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (13) දින පෙනී නොසිටි බව වාර්තා වේ.

ඒ ඔහු ඒ වන විටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බැවින් නිසා බව සඳහන්. ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට කොමිසම මඟින් ඔහුට මෙම කැඳවීම සිදු කර තිබුණා.

කෙසේ වුවද තමන් කලින් සැලසුම් කළ පරිදි විදෙස්ගත වන බැවින් අදාළ දිනයේදී කොමිසම හමුවට පැමිණීමට නොහැකි බවත්, ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා පෙරේදා (12) දින කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

තිස්සකුට්ටිගේ නිසා සෝමරතන හිමි පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස් වේ

තිස්සකුට්ටිගේ නිසා සෝමරතන හිමි පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස් වේ

එබැවින් ඔහුට ප්‍රකාශයක් ලබා දීමට ඉදිරියේදී නව දිනයක් ලබා දීමට අල්ලස් කොමිසම මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කටුනායක ගුවන්තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළ ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පෙරේදා (12) දින දහවල් 12.50ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. එමෙන්ම අඳාළ සංචාරය හදිසියේ සිදු වූවක් නොව මීට පෙර සිටම සැලසුම් කර තිබූ එකක් බවද වාර්තා වේ.

අඳාළ විමර්ශනය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන සිද්ධියක් පදනම් කරගනිමින් ආරම්භ වී තිබෙනවා.

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

කොළඹට ආසන්නව පිහිටි නිවාස සංකීර්ණයකින් නිවාස කිහිපයක් නීති විරෝධී අයුරින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ ලබා ගැනීමට ඔහුව කැඳවා තිබූ බව සඳහන්.

එසේම අදාළ නිවාස ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු අගවිනිසුරු සහ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාටද කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන මස 16 වැනි සඳුදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාටද මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජූලි මාසයේ අග සිට රට අඳුරේ - දැවැන්ත විදුලි අර්බූදයක් - ගම්මන්පිල

ජූලි මාසයේ අග සිට රට අඳුරේ - දැවැන්ත විදුලි අර්බූදයක් - ගම්මන්පිල

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර