ගෝඨාභයට ගැන සරත් ෆොන්සේකා ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්යක්..(VIDEO)
අගමැතිකම භාර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ආරාධනා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඒ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් සමඟ සිදු කළ සාකච්ඡාවක දී. මැයි 9 සිදුවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට මෙම ආරාධනාව කළ බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ.
එහි දී තමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කළ බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.
කිසිදු අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා යටතේ නො තබා ගනිමින් පිරිසිදු ලෙස 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එහි දී තමන් පැවසූ බව ෆීල්ඩ් මාෂල්වරයා සඳහන් කරනවා.
එම කොන්දේසි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැමැති වී ඇති අතර, එම කාරණය අවධාරණය කරමින් හා විශ්වාසවන්ත අයකුට අගමැති තනතුර ලබා දීමට කැමැති බව පවසමින් ජාතිය අමතන ලෙස ද තමන් ගෝඨාභය රාජපක්ෂට පැවසූ බව යි සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකා පැවසුවේ.
ඉන් පසු ව පක්ෂය සමඟ හා අරගළය සමඟ සාකච්ඡා කොට තමන්ගේ තීරණය පවසන්නම් යනුවෙන් ද සරත් ෆොන්සේකා ගෝඨාභය රාජපක්ෂට පවසා තිබෙන බව සඳහන්.
අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ එදින රාත්‍රියේ ජාතිය ඇමතූ අතර, ඉන් පසු පෙරළා සරත් ෆොන්සේකාට දුරකතන ඇමතුමක් ද ලබාගෙන තිබෙනවා.
එම දුරකතන ඇමතුමෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මෙසේ පැවසූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.
''සරත් තරහා වෙන්න එපා.
මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ එයාලා බය යි ඔයාට දෙනවට.
ඊට පස්සෙ විහිළුවට වගේ කිවුවා මටත් ටිකක් බය හිතුණා කියලා"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |