හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සනත් නිශාන්ත බලන්න එයි..තවත් පිරිසක් ගෝඨාභයට හමුවූ හැටි(VIDEO)

Report

පසුගිය දා රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය.

හිටපු ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පැමිණ සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලූ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වූවා.

සනත් නිශාන්ත මහතාගේ දේහය මහජනතාවගේ අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ තැන්පත් කර ඇති අතර අද ඔහුගේ උපන් ගම වන පුත්තලම ආරච්චිකට්ටුව වෙත රැගෙන යාමට නියමිතයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (ජනවාරි 28) ඔහුගේ උපන් නගරයේදී සිදුකිරීමට නියමිතය.


Sponsored By Sarrita Jeweller.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සනත් නිශාන්ත බලන්න එයි..තවත් පිරිසක් ගෝඨාභයට හමුවූ හැටි(VIDEO) | Gotabaya Rajapakshe And Sanath Nishantha