ගෝඨාභය රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නැයි ප්‍රකාශයක්...

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු නැවත විභාග කිරීම ආරම්භ කළ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැන් ජනාධිපති මුක්තිය නොමැති නිසා එම නඩු යලි පවත්වාගෙන යා හැකි බව ද හෙතෙම පැවසීය.

රට බංකොලොත් කිරීමේ ප්‍රධාන වගකීම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුල් පාලනය විසින් දැරිය යුතු බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන්ද ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නඩු පවරා රටේ නීතිය අනුව දඬුවම් කළයුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now