රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

Report

කතරගම, මැණික් ගඟ ආසන්නයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව පැවති ගොඩනැගිල්ලක් අද (13) දින අධිකරණ නියෝගයක් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේපළ සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකින් පසු එය රජයේ දේපළක් ලෙස ආරක්ෂා කර ගෙන තිබේ.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසු මොණරාගල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා එම ස්ථානයට පැමිණ ගොඩනැගිල්ලේ භාරකාරත්වය ලබා ගැනීමේ කටයුතු සිදු කර ඇත.

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට | Gota S Seized Kataragama Land To Irrigation

මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබූ රාජපක්ෂ නිවස සම්බන්ධයෙන් කාලක් තිස්සේ විමර්ශන සිදුවූ අතර, ඊට අදාළව කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා ද අත්අඩංගුවට ගෙන තිබුණි. එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුළු පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් ලබා ගෙන තිබේ.

කතරගම ප්‍රාදේශීය සභාව විසින් ලබා දුන් අනුමැතිවල නීත්‍යානුකූලභාවය ගැටලුකාර වූ නිසා මෙම දේපළ රාජසන්තක වීමට තීරණය විය.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ල මින් ඉදිරියට රජයේ නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත්, එමගින් රජයට නව ආදායම් මාර්ගයක් උපයා ගැනීමද අරමුණ බවත් ය.

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට | Gota S Seized Kataragama Land To Irrigation

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට