ගෝල්ෆේස් මාලිමාවට ? තහනම ඉවතට
Google
Sri Lanka
Sinhala news
By Akash
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනි දින ජාතික ජන බලවේගය සිය මැයි රැලිය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී විශාල ජන සහභාගිත්වයකින් පැවැත්වීම ආණ්ඩුවේ සැළැස්ම බවද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් ගෝල්ෆේස් අරගලයෙන් පසු ගාලුමුවදොර පිටිය කිසිදු දේශපාලන කටයුත්තකට ලබාදීම තහනම් කිරීමට පැවැති රනිල් වික්‍රමසිංහ රජය කටයුතු කර තිබිණ.
නමුත් ආරංචි මාර්ග සඳහන් කරන ආකරයට එම තහනම ඉවත් කොට ඒ සඳහා අවසර ලබාදීමට සූදානමක් තිබේ.
