රත්තරන් ගන්න හිතන් ඉන්න අයට සුබ ආරංචියක් - රන් මිල විශාල ලෙස පහළට
පසුගිය දිනවලදී දිනෙන් දින ඉහළ ගිය රන් මිල නොසිතූ ලෙස අද (02) දින වන විට වෙනස් වී ඇත.
ඒ අනුව රන් මිල ඊයේ දිනට වඩා අද දින 1% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
එබැවින් මෙම සතිය පුරාවට රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බැවින් රත්තරන් මිලදී ගැනීමට සිතන අයට මෙය කදිම අවස්ථාවක් වේ.
කෙසේ වුවත් පසුගිය වසරට සාපේක්ෂව තවමත් රන් මිල 68% ක් වගේ ලොකු මට්ටමක ඇති බව සඳහන්.
ඒ අනුව අලුත්ම මිල ගණන් ලෙස,
රන් අවුන්ස රු. 1,468,635.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 51,810.00
කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 414,450.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 47,500.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 379,950.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 45,340.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 362,700.00
