රන් රිදී මිල ගණන්වල හදිසි අඩුවීමක් - ගන්නවා නම් අද ලොකු වාසියක්

Report

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළ යෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව අද (31) දින වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇත.

එය ඊයේ (30) දිනයට සාපේකෂව අ.ඩො. 434.45ක පහළ යාමක් විය.

මෙම පහළයෑම ප්‍රතිශතයක් ලෙස 8.15% ක් වේ. එමෙන්ම රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළ බැස ඇති බව වාර්තා වේ.

අද ඉස්තරම් වූ රත්තරන් - ලංකාවේ රන් මිල රු.15,000කින් ඉහළට

අද ඉස්තරම් වූ රත්තරන් - ලංකාවේ රන් මිල රු.15,000කින් ඉහළට

ඒ අනුව අද වනවිට රිදී අවුන්සයක මිල අ.ඩො. 85.34ක් වන අතර, එය පෙර දිනයට සාපේක්ෂව අ.ඩො. 29.16ක මිල පහළ යෑමක් සේ දැක්වේ.

ප්‍රතිශතයක් ලෙස එය 25.46%ක් බව සඳහන්.

මේ අනුව ගතවූ පැය 48 තුළ රන් සහ රිදී වෙළෙඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී තිබෙන බව ජාත්‍යන්තර වාණිජ පුවත් වාර්තා තහවුරු කරයි.

කෙසේ වුවද රන් මිල තවමත් පවතින්නේ 2025 වසරට වඩා දෙගුණයක් පමණ ඉහළ මට්ටමකින් බව පවසයි.

රත්‍රං මිල පහළට, රත්‍රං හීනය ඉටුවෙයිද?

රත්‍රං මිල පහළට, රත්‍රං හීනය ඉටුවෙයිද?

අති විශේෂ ගැසට් නිවේදනයක් - විදුලිය, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම සම්බන්ධයෙන්

අති විශේෂ ගැසට් නිවේදනයක් - විදුලිය, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම සම්බන්ධයෙන්