ඩොලරය ඉහළ යයි.. රන් මිලෙහි ප්‍රභල වෙනසක්..
srilanka
Gold
gold price
By Sithumi
ඇමෙරිකානු එක්සත් ජනපද මධ්‍යම සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවීමේ බලාපොරොත්තුව මත ඩොලරය ශක්තිමත්වීම නිසා ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් ගත වූ සතිය තුල දක්නට ලැබුණා.
සතිය තුල රන් අවුන්සයක මිල සියයට 2.5 කින් පහත වැටී සති අන්තයේ සටහන් වූයේ ඩොලර් 1785 යි ශත 71 ක් ලෙසයි. මෙලෙස රන් අවුන්සයක මිල ඩොලර් 1800 ට වඩා පහත වැටුණ ද ස්වර්ණාභරණ, කුඩා රන් කැබලි සහ රන් කාසි සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් මේ වසර තුල රන් මිලෙහි ස්ථාවර බවක් අපේක්ෂා කළ හැකි බවයි ලෝක රන් මණ්ඩලය සඳහන් කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |