රන් පළදින්න බලන් ඉන්න ඔයාට වාසියක්
Gold Price in Sri Lanka
Today Gold Price
Sinhala news
By Mithu
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (30) සුළු වශයෙන් පහළ ගොස් තිබේ .
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 994,670ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය ඊයේ (29) සටහන් වුණේ රුපියල් 999,982ක් ලෙසයි. එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 257,350ක් දක්වා පහළ ගොස් තිබේ .
මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,170ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,090ක් ලෙස සටහන් වුණි.
