පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

Report

කොළඹ කෝට්ටේ ප්‍රදේශයේදී බස් රථයකදී, ක්ලාන්ත වී ඇති බව අඟවමින්, මාස හතරක පමණ කුඩා දරුවකු පෙරටු කරගෙන සංවිධානාත්මක කාන්තා කල්ලියක් විසින් ළමා සුරැකුම් සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා ත්‍රිරෝද රථයකින් පලා ගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව කොල්ලකනු ලැබූ අඳාළ රන් මාලයේ බර පවුම් එකක් වන අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙසේ මෙම සිද්ධියට මුහුණ පෑ ළමා සුරැකුම් සේවිකාව කෝට්ටේ, බංගලා හන්දියේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන්නියක් වේ.

ඇය එම මධ්‍යස්ථානයේ දරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් පිටතට ගොස්, යළි මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටියදී පිටකෝට්ටේදී බස් රථයකට ගොඩවී තිබෙනවා.

එහිදී පොලිසිය පැවසූ ලෙසට ඇය බස් රථයේ පිටුපස ආසනයක වාඩි වී සිටින විට එකම පවුලට අයත් කාන්තාවන් තිදෙනෙකු මාස හතරක පමණ කුඩා දරුවකුද සමඟ බස් රථයට නැඟ ඇත.

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

අනතුරුව ඉන් කාන්තාවන් දෙදෙනෙකු ඇය දෙපසින් අසුන් ගෙන ඇත. පසුව බස් රථය බංගලා හන්දිය ආසන්නයේ බස් නැවතුමට ළඟා වී ඇය බැසීමට සූදානම් වන විට, ඇය දෙපසින් අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනාද ආසනවලින් නැඟී සිට තිබෙනවා.

මේ අතර ඉන් එක් කාන්තාවක් ඇය ඉදිරියෙන් බස් රථයේ පා පුවරුවෙන් බැසීමට සූදානම් වන විට ක්ලාන්ත වන අයුරින් රඟපා තිබෙනවා.

එම අවස්ථාවේදීම, දරුවා වඩාගෙන පැමිණි පිටුපසින් සිටි කාන්තාව “අනේ කලන්තේ හැදිලා, කලන්තේ හැදිලා” යැයි මහ හඬින් කෑගසමින් සේවිකාවගේ අවධානය වෙනතකට යොමු කර ඇත.

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්පසු ක්ෂණිකව, ඇය කුඩා දරුවා එම සේවිකාවගේ උරහිසට තද කර ඇගේ ගෙලෙහි තිබූ රන් මාලය කඩාගෙන, දරුවාද රැගෙන බස් රථය පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයකට නැඟී පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වුවද මෙම කාන්තා කල්ලිය කඩිමුඩියේ බස් රථයෙන් බැස, පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයට නැඟී පලා යන අයුරු අදාළ ප්‍රදේශයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

මේ ප්‍රදේශයේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක්

මේ ප්‍රදේශයේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක්