හදිසියේම ගෝඨාගෝගම අරගලකරුවන්ටත් පොලීසියෙන් කැදවීමක්..

srilanka Protest gotagohome
By Sithumi Apr 19, 2022 01:06 PM GMT
Sithumi

Sithumi

Report

දැනට දින 11ක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ නිරත වන අරගලකරුවන් පිරිසකට හෙට උදෑසන 9.30 ට කොළඹ කොටුව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

අප සමග අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු පවසා සිටියේ පොලිසිය හමුවේ පෙනී සිටීමට කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත්කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් සිය නීතිඥයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට තීරණය කළ බව අප සමග පවසා සිටියා.

කෙසේ වෙතත් අදාළ කණ්ඩායම මානව හිමිකම් කොමිසම වෙත ගිය ද එම කාර්යාලය වසා දමා තිබීම හේතුවෙන් ඔවුන් නැවතත් කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ පිහිටුවා ඇති නීති උපදෙස් කාර්යාලයට පැමිණ තිබෙනවා. එහි සිටින නීතිඥයින් හමුවි අවශ්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනා බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

හිරු නිව්ස් මේ ආකාරයෙන් මේ පුවත වාර්තා කර තිබුණා.


Gallery