ඥානසාර හිමියන් හදිසියේම බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ..!

Report

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.

 සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත්ය.

මේ අතර, සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසුවේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බවයි.

"උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ.නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා."