ඥානසාර හිමිගේ අභියාචනාව විසි වෙයි - සිර දඬුවම ස්ථීරයි - මහාධිකරණයෙන් නියෝග
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) දින තහවුරු කර ඇත.
ඒ අනුව එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි
2016 වසරේදී කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙසේ නඩුවක් ගොනු කර තිබූ අතර නඩු විභාගයකින් පසුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණා.