GMOA දැඩි තීරණයක් - වර්ජනය ඉදිරියට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර ඇත.
එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණි.