සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එළැඹෙන පෙබරවාරි 2 වනදා සිට තම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණය කර ඇත.

පසුගිය 26 වනදා ආරම්භ වූ මෙම ක්‍රියාමාර්ගයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් ලබා දීමට පැය 48 ක කාලයක් දුන් අතර, එම කාලය තුළ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙය සිදු කිර්රිමට තීරණය කරන ලදී.

මෙම ක්‍රියාමාර්ගය අනුව, රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ සඳහා රෝගීන්ට බාහිරින් ලබා දෙන තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවන අතර, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කිරීමට ලබා දෙන තුණ්ඩු නිකුත් කිරීමද අත්හිටුවනු ඇත.

දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන සෞඛ්‍ය කදවුරු සහ සායනවල ස්වෙච්ඡා සහභාගිවීමෙන් වෛද්‍යවරුන් ඉවත් විය යුතු අතර, අනුමත වෛද්‍යවරුන් නොමැතිව විවෘත කරන නව රෝහල් වාට්ටු හා ඒකක සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවනු ඇත.

ශිරන්තිට සහ නාමල්ට නැවතත් CID න් කැඳවීමක් - මේ පාර නම් ලිස්සන්න බෑ

ශිරන්තිට සහ නාමල්ට නැවතත් CID න් කැඳවීමක් - මේ පාර නම් ලිස්සන්න බෑ

තවද, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය පහසුකම් නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරුන් ඉවත් වන අතර, විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සඳහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීමද මෙම ක්‍රියාමාර්ගය තුළ අන්තර්ගත වේ.

මෙම ක්‍රියාමාර්ගය පෙබරවාරි 2 වනදා උදෑසන 8.00 සිට ආරම්භ වීමට නියමිත බව සංගමය නිවේදනය කර ඇත.

මේ රාජ්‍ය සේවකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

මේ රාජ්‍ය සේවකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු