මේ රාජ්‍ය සේවකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සහ එක් පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස මාරු කර ඇත.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර ඇත.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්බන්ධයෙන් ගත් විට, ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර ඇති අතර, මොනරාගල කොට්ඨාසයේ සේවය කළ කේ.එන්. ගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර ඇත.
එමෙන්ම, කොළඹ උතුර කොට්ඨාසය භාරව කටයුතු කළ බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබේ.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ කේ.ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්යක්ෂවරයා ලෙස සේවය කළ ඩබ්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් මාරු කර යවා ඇත.
මීට අමතරව, මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයට මාරු කර ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.